ජීවිතය ජය ගැනීමට භාවිත කළ හැකි බොහෝ දිව්‍යමය බුද්ධ මන්ත්‍ර පිරිත් පාඨ අතර ප්‍රබල ගාථා රත්නයක් වන්නේ “ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ” ගාථාවයි. අද දින එම ගාථාව සමග භාවිත කළ හැකි ජය පිරිතේ එන ගාථාවක් හඳුන්වා දෙමි.
මෙම මහානුභාව සම්පන්න ගාථා දෙක උදේ සවස මල් පහන් පුදා දෙවියන්ට පින් දී මෙම පාඨ කීමෙන් විපුල ඵල නෙළා ගත හැකිය.
ගාථා
1.
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහී
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු “මය්හං”
2.
ජය සිද්ධී ධනං ලාභං
සොත්ථි භාග්‍යං සුඛං බලං
සිරි ආයුච වණ්ණෝච
භෝගං වුද්ධීච යසවා
සත වස්සාච ආයුච
ජීව සිද්ධි භවන්තු “මේ”
තමන් විසින් තමන්ට සෙත් පතා ගැනීමේ දී මෙම ගාථා දෙක මෙම ආකාරයටම ද, අනුන්ට සෙත් පැතීමේ දී පළමු ගාථාවේ අවසන් පේළියේ සඳහන් “මය්හං” යන වචනය වෙනුවට “තුය්හං” යනුවෙන්ද, දෙවන ගාථාවේ අවසන් පේළියේ “මේ” යන වචනය වෙනුවට “තේ” යනුවෙන් ද භාවිත කරන්න.
වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන (කොළඹගම පොඩි හාමුදුරුවෝ) ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කොට සකස් කළේ
: සුනිල් පොරමඬල