රෝගීන්ට සුවය ලබා දෙන මන්ත්‍රයක්

යම් රෝගියකුට බෙහෙතක් බීමට දීමේදී එම බෙහෙතට ජපකර දිය යුතු “අෂ්ටාංග හෘදය සංහිතාව“ නම් වෛද්‍ය ප්‍රකරණය සම්පාදනය කළ මහා ඍෂිවරයා විසින් නියම කරන ලද මන්ත්‍රයකි.


සුපුරුදු ලෙස තිසරණ සහිත පංච ශීලය සමාදන්ව බුදුරජාණන් වහන්සේට මල් පහන් පුදා දෙවියන්ට පින් දී ඉන් අනතුරුව එම ස්ථානයේ සිටම බෙහෙත් බඳුන අත තබාගෙන පහත සඳහන් මන්ත්‍රයෙන් 7, 21, 108 ආදී වශයෙන් තමන්ට හැකි උපරිම වාර ප්‍රමාණයක් ජපකර රෝගියට පානය කිරීමට දෙන්න.


මන්ත්‍රය


ඕං නමෝ භගවතෝ භෛෂජ්‍ය ගුරුවේ

වෛදූර්ය ප්‍රහාරාජාය

තථාගතයාර්භතේ සම්‍යක් සම්බුද්ධාය.




වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන (කොළඹගම පොඩි හාමුදුරුවෝ) ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කොට සකස් කළේ : සුනිල් පොරමඬල