පළමුව ඔබ නිවසේ, වැඩපළේ, ව්‍යාපාරික ස්ථානයේ බුදු පහන තබන තැන පිරිසිදු කර එහි මල්, පහන්, සුවඳ දුම් සහ පෙරාගත් පිරිසිදු පැන් බඳුනක් තැන්පත් කරන්න. මෙම පැන් බඳුන සාමාන්‍ය මිනිසකුගේ පිපාසාව සංසිඳුවීම තරමේ පැන් ප්‍රමාණයක් අල්ලන ලොකු වීදුරුවක් වැනි බඳුනක් විය යුතුය.
දෙවනුව තිසරණ සහිත පංච ශීලය සමාදන්ව ඔබ පුරුදු පුහුණු වී ඇති ආකාරයට අදාළ ගාථා කියමින් මල්, පහන්, සුවඳ දුම් සහ පැන් පූජා කරන්න. “කරණීය මෙත්ත සූත්‍රය” නිවැරදිව, මිහිරි හඬින් ශබ්ද නගා තුන්වරක් සජ්ක්ඩායනා කරන්න.
ඊළඟට පහත සඳහන් අභිසම්භිදාන මන්ත්‍රය තුන්වරක් කියන්න.
දැන් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන් වහන්සේ ඇතුළු සමස්ත දේව සමූහයාට පින් දී පූජාව හමාර කරන්න.
නමෝ සීවලී මහා තේජෝ මහා වීරෝ
මහා බලෝ යුත්තේ යුත්තේ පජ්ජලති
පජ්ජලති තීහුං තීහුං ලීහු ලීහු
පරමේෂ්වා හඃ
ඒතේන සච්ච වජ්ජේන
සබ්බන්තරායා විනස්සතු
වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම
රාජමහා විහාරාධිකාරී පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන (කොළඹගම පොඩි හාමුදුරුවෝ)
ස්වාමීන් වහන්සේ සමග
සාකච්ඡා කොට සකස් කළේ
: සුනිල් පොරමඬල