පිරිත මහා බලවත්ය. ශබ්ද ශාස්ත්‍රයට අයත් අක්ෂරවල ඇති සැරබල, ශාන්ති බල හෙවත් සුබ අසුබ යන ශක්තීන් අතරින් ශාන්ති බල නොහොත් සුබ ශක්ති බල හසුකරගත් අක්ෂර, ගණ සංයෝගයකින් හා ඉතාමත් විධිමත් දහම් කරුණුවලින් පිරිත් දේශනය පෝෂිතය. පිරිත් දේශන බලවත් වන්නේ මහානුභාව සම්පන්න වන්නේ ඒ නිසාය
තම නිවෙස්වලදී මහා මංගල, රතන හා කරණීය මෙත්ත යන තුන් සූත්‍රය හෝ අඩුම වශයෙන් එම සූත්‍ර වලින් එකක්වත් උදේ සවස දිනපතා භාවිතයෙන් ඔබට බොහෝ පිහිට ලබා ගත හැකිය.
තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටා මල් පහන් පූජා කොට පිරිත් සජ්ක්ධායනා කර දෙවියන්ට පින් දීමෙන් පසු පහත සඳහන් ගාථාව කීමට පුරුදු වන්න. ටික දිනක් මෙම ගාථාව කියනවිට ඔබට කට පාඩම් වේ.
ඉන්පසු ඔබේ යම් යහපත් කටයුත්තක් ආරම්භයේදී, සුබ ගමනක් පිටත්වීමේදී එම ගාථාව සිහිපත් කරමින් එම කටයුතු ආරම්භ කරන්න. එම ගමන් පිටත් වන්න.
ගාථාව
නක්ඛත්ත යක්ඛ භූතානං
පාපග්ගහ නිවාරණං
පරිත්තස්සානු භාවේන
හන්තු “මයිහං” උපද්දවේ
මෙහි සරළ තේරුම
නැකත්, යක්ෂ, භූත, පාපී ග්‍රහ ආදී සියලි උපද්‍රව පිරිත් දේශනාවල ආනුභාවයෙන් නිවාරණය වේවා! යනුයි.
මෙහි අවසන් පේළියේ “මයිහං” යන වචනය අනුන්ට සෙත් පැතීමේදී “තේසං” යනුවෙන් භාවිත කරන්න.
වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන (කොළඹගම පොඩි හාමුදුරුවෝ) ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කොට සකස් කළේ : සුනිල් පොරමඬල