පළමුව ඔබ නිවසේ, වැඩපළේ, ව්‍යාපාරික ස්ථානයේ බුදු පහන තබන තැන පිරිසිදු කර එහි මල්, පහන්, සුවඳ දුම් සහ පෙරාගත් පිරිසිදු පැන් බඳුනක් තැන්පත් කරන්න. මෙම පැන් බඳුන සාමාන්‍ය මිනිසකුගේ පිපාසාව සංසිඳුවීම තරමේ පැන් ප්‍රමාණයක් අල්ලන ලොකු වීදුරුවක් වැනි බඳුනක් විය යුතුය.
දෙවනුව තිසරණ සහිත පංච ශීලය සමාදන්ව ඔබ පුරුදු පුහුණු වී ඇති ආකාරයට අදාළ ගාථා කියමින් මල්, පහන්, සුවඳ දුම් සහ පැන් පූජා කරන්න. “කරණීය මෙත්ත සූත්‍රය” නිවැරදිව, මිහිරි හඬින් ශබ්ද නගා තුන්වරක් සජ්ක්ඩායනා කරන්න.
ඊළඟට පහත සඳහන් අභිසම්භිදාන මන්ත්‍රය තුන්වරක් කියන්න.
දැන් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන් වහන්සේ ඇතුළු සමස්ත දේව සමූහයාට පින් දී පූජාව හමාර කරන්න.
නමෝ සීවලී මහා තේජෝ මහා වීරෝ
මහා බලෝ යුත්තේ යුත්තේ පජ්ජලති
පජ්ජලති තීහුං තීහුං ලීහු ලීහු
පරමේෂ්වා හඃ
ඒතේන සච්ච වජ්ජේන
සබ්බන්තරායා විනස්සතු
වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම
රාජමහා විහාරාධිකාරී පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන (කොළඹගම පොඩි හාමුදුරුවෝ)
ස්වාමීන් වහන්සේ සමග
සාකච්ඡා කොට සකස් කළේ
: සුනිල් පොරමඬල
යම් රෝගියකුට බෙහෙතක් බීමට දීමේදී එම බෙහෙතට ජපකර දිය යුතු “අෂ්ටාංග හෘදය සංහිතාව“ නම් වෛද්‍ය ප්‍රකරණය සම්පාදනය කළ මහා ඍෂිවරයා විසින් නියම කරන ලද මන්ත්රයකි.
සුපුරුදු ලෙස තිසරණ සහිත පංච ශීලය සමාදන්ව බුදුරජාණන් වහන්සේට මල් පහන් පුදා දෙවියන්ට පින් දී ඉන් අනතුරුව එම ස්ථානයේ සිටම බෙහෙත් බඳුන අත තබාගෙන පහත සඳහන් මන්ත්‍රයෙන් 7, 21, 108 ආදී වශයෙන් තමන්ට හැකි උපරිම වාර ප්‍රමාණයක් ජපකර රෝගියට පානය කිරීමට දෙන්න.
මන්ත්‍රය
ඕං නමෝ භගවතෝ භෛෂජ්‍ය ගුරුවේ
වෛදූර්ය ප්රහාරාජාය
තථාගතයාර්භතේ සම්‍යක් සම්බුද්ධාය.
වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන (කොළඹගම පොඩි හාමුදුරුවෝ) ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කොට සකස් කළේ : සුනිල් පොරමඬල
For this You want to Use Opera Mini version On your Mobile...
01. Type "Opera:config" on your opera mini address bar and go..
02. Power user setting will appear on your browser.
03. Scroll down the page and Last one is "Use bitmap fonts for complex scripts"
Make that One "No" to "Yes" -----> Save the page...
04. Enjoy Sinhala Font on your Mobile....
Just Simple.....
තම කටයුතු සහ ව්‍යාපාරවලින් දියුණුව අපේක්ෂා කරන ‘රිවිර’ පාඨක භවතුන්ගේ භාවිතය සඳහා වූ දිව්‍යමය බුද්ධ මන්ත්රයකි.
ඔබේ නිවසේ හෝ බුදු පහන තබන ස්ථානයේ සුපුරුදු ලෙස මල්, පහන් පුදා පහත සඳහන් බුද්ධ මන්ත්‍රය දිනපතා උදේ සවස තුන්වර බැගින් ද මසකට වරක් තෝරාගත් ඔබට පහසු දිනයක රාති‍්‍ර කාලයේ 108 වරක් ද සජ්ඣායනා කර අවසානයේ දෙවියන්ට පින් දී අපමණ පිහිට ලබා ගන්න.
බුද්ධ මන්ත්‍රය
“ජයෝහි බුදස්ස සිරිමතෝ අයං
මාරස්සපි පාපිමතෝ පරාජයෝ
උග්ඝෝසයුං බෝධි මණ්ඩේ පමෝදිතෝ
ජයං තදා දේවගනා මහේසිනෝ”
වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන (කොළඹගම පොඩි හාමුදුරුවෝ) ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කොට
සකස් කළේ : සුනිල් පොරමඬල
පිරිත මහා බලවත්ය. ශබ්ද ශාස්ත්‍රයට අයත් අක්ෂරවල ඇති සැරබල, ශාන්ති බල හෙවත් සුබ අසුබ යන ශක්තීන් අතරින් ශාන්ති බල නොහොත් සුබ ශක්ති බල හසුකරගත් අක්ෂර, ගණ සංයෝගයකින් හා ඉතාමත් විධිමත් දහම් කරුණුවලින් පිරිත් දේශනය පෝෂිතය. පිරිත් දේශන බලවත් වන්නේ මහානුභාව සම්පන්න වන්නේ ඒ නිසාය
තම නිවෙස්වලදී මහා මංගල, රතන හා කරණීය මෙත්ත යන තුන් සූත්‍රය හෝ අඩුම වශයෙන් එම සූත්‍ර වලින් එකක්වත් උදේ සවස දිනපතා භාවිතයෙන් ඔබට බොහෝ පිහිට ලබා ගත හැකිය.
තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටා මල් පහන් පූජා කොට පිරිත් සජ්ක්ධායනා කර දෙවියන්ට පින් දීමෙන් පසු පහත සඳහන් ගාථාව කීමට පුරුදු වන්න. ටික දිනක් මෙම ගාථාව කියනවිට ඔබට කට පාඩම් වේ.
ඉන්පසු ඔබේ යම් යහපත් කටයුත්තක් ආරම්භයේදී, සුබ ගමනක් පිටත්වීමේදී එම ගාථාව සිහිපත් කරමින් එම කටයුතු ආරම්භ කරන්න. එම ගමන් පිටත් වන්න.
ගාථාව
නක්ඛත්ත යක්ඛ භූතානං
පාපග්ගහ නිවාරණං
පරිත්තස්සානු භාවේන
හන්තු “මයිහං” උපද්දවේ
මෙහි සරළ තේරුම
නැකත්, යක්ෂ, භූත, පාපී ග්‍රහ ආදී සියලි උපද්‍රව පිරිත් දේශනාවල ආනුභාවයෙන් නිවාරණය වේවා! යනුයි.
මෙහි අවසන් පේළියේ “මයිහං” යන වචනය අනුන්ට සෙත් පැතීමේදී “තේසං” යනුවෙන් භාවිත කරන්න.
වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන (කොළඹගම පොඩි හාමුදුරුවෝ) ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කොට සකස් කළේ : සුනිල් පොරමඬල
ජීවිතය ජය ගැනීමට භාවිත කළ හැකි බොහෝ දිව්‍යමය බුද්ධ මන්ත්‍ර පිරිත් පාඨ අතර ප්‍රබල ගාථා රත්නයක් වන්නේ “ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ” ගාථාවයි. අද දින එම ගාථාව සමග භාවිත කළ හැකි ජය පිරිතේ එන ගාථාවක් හඳුන්වා දෙමි.
මෙම මහානුභාව සම්පන්න ගාථා දෙක උදේ සවස මල් පහන් පුදා දෙවියන්ට පින් දී මෙම පාඨ කීමෙන් විපුල ඵල නෙළා ගත හැකිය.
ගාථා
1.
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහී
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු “මය්හං”
2.
ජය සිද්ධී ධනං ලාභං
සොත්ථි භාග්‍යං සුඛං බලං
සිරි ආයුච වණ්ණෝච
භෝගං වුද්ධීච යසවා
සත වස්සාච ආයුච
ජීව සිද්ධි භවන්තු “මේ”
තමන් විසින් තමන්ට සෙත් පතා ගැනීමේ දී මෙම ගාථා දෙක මෙම ආකාරයටම ද, අනුන්ට සෙත් පැතීමේ දී පළමු ගාථාවේ අවසන් පේළියේ සඳහන් “මය්හං” යන වචනය වෙනුවට “තුය්හං” යනුවෙන්ද, දෙවන ගාථාවේ අවසන් පේළියේ “මේ” යන වචනය වෙනුවට “තේ” යනුවෙන් ද භාවිත කරන්න.
වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන (කොළඹගම පොඩි හාමුදුරුවෝ) ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කොට සකස් කළේ
: සුනිල් පොරමඬල
කල්පයක් යන්න කොපමණ කාලයක්ද යන්නත් බුදුරජානන් වහන්සේ විසින් දේශනා කර ඇත. දිනක් එක්තරා භික්ෂුන්වහන්සේ නමක් බුදුන්වහන්සේ වෙත ගොස්, කල්පය කෙතෙක් දිග වන්නේදැයි අසන ලදි. එවිට තථාගතයානන් වහන්සේ විසින් කියා සිටියේ "මහණ කල්පය යන්න, මෙතෙක් වසර ගණනක් දිගය, එය වර්ශ සිය ගණනක්ය, දහස්ගණනක්ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණ කරන්න බැහැ" කියාය. එවිට ඒ භික්ෂුව එසේ නමි ස්වාමිනි එය උපමාවකින් වදාලන සේක්වා යැයි කියා සිටි විට, "මහණ දිග පළල යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒක ඝන කළුගලක් සිය වසරකට වරක් කසි සළුවකින් පිස දැමුවහොත් ඒ කළුගල කලකදී ගෙවි යන්නේය. නමුත් කල්පය ගෙවි නොයන්නේය." කියා කල්පයක් යනු කොපමණ ප්‍රමාණයක්ද යන්න වදාලා ඇත. මෙය සදහන් වන්නේද අනමතග්ග සංයුක්තයේය.
මෙ උපමා මගින් කපක් යන්න කොපමණ විශාල කාලයක්ද යන්න පැහැදිලිව. එසේ නමි කලින් දක්වන ලද උපමාවට අනුව ලොකය යන්න කෙතරමි පැරණිද යන්න තේරැමි ගැණිමට හැකිය.
ලොක විනාශය ප්‍රශ්නයක් වන්නේ, ලොකයේ මිනිසුන් ජිවත් වන නිසාය. නැතහොත් ලොක කෙතරමි විනාශ වුවද අපට ගැටළුවක් නැත.
කල්පය යන්නත් කොටස් තුනකි.
- ) අන්තංකල්පය
- ) අසන්ඛ්යකල්පය
- ) මහාකල්පය
ලෝකය විනාශ වෙන ආකාරය යනු ඒවාය. මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහි ගොස් පරම ආයුෂ කාලය අවුරැ 10 ක් වන කාලයක් පැමිණේ. ඒ කාලයේදි රෝග වලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවිමෙන් හෝ මහා මිනිස් විනාශයක් වෙ. මින් ඉතා ටික දෙනුකු පමණක් ඉතිරි වෙ. ඉන් පසු මිනිසුන් සුචරිතයේ හැසිරිම නිසා පරමිපරාවෙන් පරාවට ඔවුන්ගේ ආයුෂ වැඩෙ. ඒ වැඩිම වර්ෂ අසංඛ්‍යය දක්වා වැඩෙ. ඉන් අනතුරැව දුසිරිතට නැඹුරැවිම නිසා නැවතත් මිනිසුන්ගේ ආයුෂය පිරිහේ එය වසර 10 දක්වාම පිරිහුන විට මහා මිනිස් සංහාරයක් නැවත සිදුවෙ.
මිනිස් ආයුෂය දශ වර්ෂයෙන් පටන්ගෙන අසඛ්‍යය දක්වා වැඩි නැවතත් දශ වර්ශය තෙක් පිරිහිම සදහා ගතවන කාලය අන්තං කල්පයක් යනුවෙන් හදුන්වනු ලබයි.
අසංඛ්‍ය කල්පය කොටස් 04 කි:
- ) සංවර්ථය
- ) සංවර්ථස්ථායි
- ) විවර්ථය
- ) විවර්ථස්ථායි
බුදු දහමෙ දක්වා ඇති ආකාරයට මෙ ලොව ගින්නෙන් හෝ දියෙන් හෝ සුලගින් විනාශ විම සිදුවෙ. මෙසේ සිදුවන්නේ ඉතා දීර්ඝ කාලයකින්ය. මෙසේ විනාශ වන විට මෙ ලොවත් 31 ක්වු ලොකයන්ගෙන් සමහර බ්‍රහ්ම ලොක හැර සෙසු ලොකත් විනාශව යන බව බුදු දහමෙ දක්වා ඇත. ලෝකය විනාශවි යන විට, පිළිවලින් සත්වරක් ගින්නෙන් ලොකය නැසේන අතර. අටවන වාරයේ ජලයෙන් ලෝකය විනාශ වෙ. මෙලෙස විනාශ වන ලොකය 64 වන වාරයේදි සුලගින් විනාශ වෙ. ගින්නෙන් ලොකය විනාශ වන විට ආභස්සර බ්‍රහ්ම ලොවට යටින් වු සියලු ලෝක විනාශ වෙ. ජලයෙන් ලොව විනාශ වන විට සුභකිණ්හයෙන් යට සියලු ලෝකත්, වාතයෙන් ලොකය විනාශ වන විට වෙහප්ඵල ලොවින් යට සියලු ලෝකත් විනාශ වි යන බව දක්වා ඇත.
මෙ ආකාරයට ලොකය වරක් විනාශ වි යාමටත් විශාල කලක් ගතවෙ. මෙලෙස ලෝක විනාශය සිදුවෙමින් පවත්නා කාලය සංවර්ථ කල්පය නමින් හදුන්වනු ලබයි. මෙලෙස ලොකය විනාශ වු පසු එසේ විනාශවිමට ගතවු කාලය තරමි කාලයක් හිස්ව පවතියි. මෙම කාලය හදුන්වන්නේ සංවර්ථස්ථායි කල්පය යනුවෙනි. ඉන්පසු ලොකය නැවත ක්‍රම ක්‍රමයෙන් සැදිමට පටන් ගනියි. මෙලෙස ලොව සැදි සමිපුර්ණ විමට ගතවන කාලය විවර්ථ කල්පය නමිවෙ. මෙසේ ලොව නිර්මාණය වි නැවත විනාශවිම දක්වා කාලය විවර්ථ ස්ථායි කල්පය යනුවෙන් හදුන්වයි.
මෙසේ වන අසංඛ්‍ය කල්ප 04 මහා කල්පයක් යනුවන් හදුවනු ලබයි. අපේ බුදුපියාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සමතිස් පාරමිතාවන් පිරැසේක. ඒ කියන්නේ මහා කල්ප ලක්ෂයක් කියන එකයි.
මෙ අසංඛ්‍ය කල්පයක ප්‍රමාණය මුලින්ම සදහන් කල අන්තං කල්ප 20 ක් බව සදහන්. ඒ අනුව මහා කල්පයක් කියන්නේ අන්තං කල්ප 80 ක්. මෙ විදියට තේරැමි ගන්න පුලුවන් දේ වෙන්නේ මහා කල්පයක් තුල මිනිසුන්ගේ ආයුෂ 10 වර්ෂයෙන් පටන්ගෙන අසංඛ්‍යය දක්වා වැඩිවි නැවත 10 වර්ශය දක්වා අඩුවිමි හෙවත් ලොකය අර්ධ වශයෙන් නැසි යැමි 80 ක් සිදුවනබවයි. පුර්ණ වශයෙන් නැසි යාමි 01 ක් සිදුවන බවයි.
ලොකයේ අවසානය පිළිබදව නුතන විද්‍යා මත විවිධාකාරය, පෘතුවිය හා ගැටෙන විශාල උල්කාවක් නිසා, පෘතුවි වායුඝොලය දුහුවිල්ලෙන් වැසි ගොස්, සත්වයන්ට හුස්ම ගැනිමට නොහැකි විමෙන් හා ආහාර නිශ්පාදනය කරගත නොහැකිවිමෙන් ලොව අවසානය සිදුවෙ යැයි යන්න එක් අදහසකි. ලොව ආසන්න්තම නශ්ඨ විම වශයෙන් සලකනු ලබන ඩයිනෝසරයන්ගේ නශ්ඨ විම සිදුවුයේ මෙ ආකාරයෙන් යැයි සදහන් වෙයි. එසේත් නැතිනමි පෘතුවියේ ආභ්‍යාන්තරික වශයෙන් ඇතිවිය හැකි යමි ආකාරයක විපර්යාසයක් නිසා හෝ යමි සෘතු විපර්යාසයක් නිසා මෙ ලොව විනාස වි යා හැක. බොහොමයක් චිත්‍රපට වලට පාදක කර ගනු ලබනුයේ මෙබදු තේමාවන්ය. ඒසේත් නැත්නමි මුලු සත්ත්ව සන්හතියම මෙලොවින් අතුගාදැමිය හැකි ආකාරයේ පරමානු ආයුධයන් නිසාද මෙබදු විනාශයක් සිදුවිය හැක. එය මිනිසා විසින්ම ඇතිකරගත හැකි ලොක විනාසයකි.